වැඩිහිටියන් සඳහා ගුණාත්මක සෞඛ්‍ය සේවා පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවත්වන මෙම සමීක්ෂණයට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දායකත්වයට ස්තූතියි.
ඔබගේ පිළිතුරු, වැඩිහිටියන් සඳහා ගුණාත්මක සෞඛ්‍ය හා රැකවරණ සේවා පිළිබඳ ගෝලීය ප්‍රමිති සකස් කිරීමට උපකාරී වනු ඇත.
හැඳින්වීම
ලොව පුරා මිනිසුන් පෙරට වඩා වැඩි කාලයක් ජීවත් වෙති. එබැවින් වයසට යන විට අපට අවශ්‍ය සෞඛ්‍ය සේවා වෙන කවරදාටත් වඩා වැදගත්ය. උදාහරණ ලෙස, පවුලේ වෛද්‍යවරයා, සෞඛ්‍ය මධ්‍යස්ථානය හෝ සායනය නිතිපතා හමුවීම, ඖෂධ හලකින් ඖෂධ ලබාගැනීම, රෝහලකින් විශේෂඥ ප්‍රතිකාර ලබාගැනීම, පුනරුත්ථාපන හෝ මානසික සෞඛ්‍ය සේවා, දිවා රැකවරණ මධ්‍යස්ථානවල රැකවරණය, සහ නිවසේදී හෝ නේවාසික ආයතනයකදී ලැබෙන දිගුකාලීන රැකවරණය හා දෛනික කටයුතු සඳහා සහාය මෙම සේවාවලට ඇතුළත් වේ.
වැඩිහිටියන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම සඳහා, මෙම සේවා පිළිබඳ නව ජාත්‍යන්තර ප්‍රමිති සකස් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් සමඟ එක්ව කටයුතු කරයි. ඔබගේ අරමුණු, වටිනාකම් සහ කැමැත්තට ගැළපෙන පරිදි මෙම සේවා වඩාත් හොඳ, වඩාත් ආරක්ෂිත සහ වඩාත් ගෞරවනීය ඒවා බවට පත් කිරීම එහි අරමුණයි.
මෙය නිවැරදිව කිරීමට නම්, මෙම සේවා දිනපතා භාවිත කරන අයගේ අදහස් අප මුලින්ම දැනගත යුතුය.
සෞඛ්‍ය සේවා පිළිබඳ ඔබගේ අත්දැකීම අපට වැදගත් වේ.
ඔබගේ සැබෑ අත්දැකීම දැනගැනීමට අපි කැමැත්තෙමු — සෞඛ්‍ය සේවා භාවිත කිරීමේදී හොඳින් සිදු වූ දේ, අපහසු වූ දේ සහ වෙනස් විය යුතු යැයි ඔබ සිතන දේ.
මෙම සමීක්ෂණය කුමක් ගැනද?
වැඩිහිටියන් සෞඛ්‍ය සේවා අත්විඳින ආකාරය තේරුම් ගැනීමට අපට අවශ්‍යය. ඔබ මුහුණ දුන් අභියෝග, ඔබට ලැබුණු (හෝ නොලැබුණු) සහාය සහ වැඩිදියුණු කළ යුතු යැයි ඔබ සිතන දේ මෙයට ඇතුළත් වේ. ඔබගේ පිළිතුරු, වැඩිහිටියන් සඳහා උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා පිළිබඳ අනාගත ජාත්‍යන්තර ප්‍රමිති සකස් කිරීමට උපකාරී වනු ඇත. එමගින් එම ප්‍රමිති, සෘජුවම බලපෑමට ලක්වන අයගේ ප්‍රමුඛතා මත පදනම් වේ.
ඔබට හැකි තරම් ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස අපි ඔබට සුහදව ආරාධනා කරමු. මෙහි නිවැරදි හෝ වැරදි පිළිතුරු නොමැත.
සහභාගී විය හැක්කේ කාටද?
සහභාගී වීමට, ඔබ පහත කොන්දේසි දෙකම සපුරාලිය යුතුය:
ඔබ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි අයෙකු විය යුතුය
සහ
ඔබ පසුගිය මාස 12 තුළ අවම වශයෙන් එක් වරක්වත් සෞඛ්‍ය සේවාවක් භාවිත කර තිබිය යුතුය — උදාහරණ ලෙස, සායනයකට, රෝහලකට හෝ දිවා රැකවරණ මධ්‍යස්ථානයකට යාම.
ඔබ කැමති නම්, මෙම සමීක්ෂණය සම්පූර්ණ කිරීමට ඔබ විශ්වාස කරන කෙනෙකුගේ (උදා: පවුලේ සාමාජිකයෙකු, මිතුරෙකු, ප්‍රජාවේ සාමාජිකයෙකු හෝ සෞඛ්‍ය හා රැකවරණ සේවකයෙකු) උදව් ලබාගත හැක.
ඔබගේ සහභාගීත්වය
මෙම සමීක්ෂණයට සහභාගී වීම ස්වේච්ඡාවෙනි. සහභාගී වීමට නම්, සමීක්ෂණය පිළිබඳ තොරතුරු තේරුම් ගැනීමටත්, ලබා දී ඇති භාෂාවලින් එකකින් ප්‍රශ්නාවලිය සම්පූර්ණ කිරීමටත් ඔබට හැකි විය යුතුය.
ඔබගේ පිළිතුරු ඉදිරිපත් කිරීමට පෙර ඕනෑම අවස්ථාවක, කිසිදු හේතුවක් දැක්වීමකින් තොරව සමීක්ෂණයෙන් ඉවත් විය හැක. ඔබගේ පිළිතුරු නිර්නාමිකව (ඔබ කවුරුන්දැයි හඳුනා නොගෙන) රැස් කරන අතර, ඒවා රහසිගතව තබා ගැනේ.
ඔබව හඳුනාගත හැකි තොරතුරු (උදා: නම, වාසගම, ඊමේල් ලිපිනය) අප රැස් නොකරන නිසා, ඔබ පිළිතුරු ඉදිරිපත් කළ පසු ඒවා නැවත සොයාගැනීමට අපට නොහැක. එබැවින්, සමීක්ෂණය ඉදිරිපත් කළ පසු ඔබගේ පිළිතුරු ඉවත් කිරීමට අපට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
සමීක්ෂණය ඉදිරිපත් කිරීමෙන්, ඉහත තොරතුරු ඔබ කියවා තේරුම් ගත් බව තහවුරු කරන අතර, මෙම සමීක්ෂණයට සහභාගී වීමට සහ ඉහත සඳහන් අරමුණු සඳහා ඔබගේ දත්ත රැස් කිරීමට හා සැකසීමට ස්වේච්ඡාවෙන් එකඟ වේ.
ඔබ වැඩිහිටි පුද්ගලයෙකු වෙනුවෙන් මෙම ප්‍රශ්නාවලිය පුරවන්නේ නම්, ඔබ එම පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට ගරු කළ යුතු අතර, එම පුද්ගලයාගේ පෞද්ගලික තොරතුරු සහ පිළිතුරු රහසිගතව තබා ගත යුතුය.
ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් හෝ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, කරුණාකර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරී Dr. Yuka Sumi අමතන්න. ඊමේල්: sumiy@who.int
තරු ලකුණක් (*) සහිත ප්‍රශ්න අනිවාර්ය වන අතර, ඉදිරියට යාමට ඒවාට පිළිතුරු දිය යුතුය. අනෙකුත් සියලු ප්‍රශ්නවලට ද හැකි තරම් සම්පූර්ණව සහ නිවැරදිව පිළිතුරු දෙන ලෙස අපි ඉල්ලා සිටිමු. එවැනි ප්‍රශ්නයකට පිළිතුරු නොදී තැබුවහොත්, ඔබ “ඊළඟ” හෝ “භාර දෙන්න” ක්ලික් කළ විට මතක් කිරීමක් දිස්වේ; නමුත් පිළිතුරු නොදී ඉදිරියට යාමට ඔබට හැකියාව ඇත. විවිධ පරිසරයන්හි සෞඛ්‍ය හා රැකවරණ සේවා සම්බන්ධයෙන් වැඩිහිටියන්ගේ අවශ්‍යතා, අත්දැකීම් සහ අදහස් තේරුම් ගැනීමට, සමීක්ෂණයේ සියලු කොටස්වලට ඔබ දෙන පිළිතුරු වැදගත් වේ.
මෙම සමීක්ෂණය සම්පූර්ණ කිරීමට මිනිත්තු 30ක් පමණ ගතවේ; නමුත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.
ඔබ අප වෙනුවෙන් ලබාදෙන කාලයට සහ විශ්වාසයට හදවතින්ම ස්තූතිවන්ත වෙමු.
There are 69 questions in this survey.