හැඳින්වීම සහ කැමැත්ත
වැඩිහිටියන් සඳහා ගුණාත්මක සෞඛ්‍ය සේවා පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවත්වන මෙම සමීක්ෂණයට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබගේ දායකත්වයට ස්තූතියි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැඩිහිටියන් සඳහා සත්කාරයේ ගුණාත්මකභාවය පිළිබඳ ගෝලීය ප්‍රමිති සකස් කරමින් සිටී. වැඩිහිටියන්ට උසස් ගුණාත්මක සත්කාර සැපයීමට අත්‍යවශ්‍ය යැයි සෞඛ්‍ය හා සත්කාර සේවකයින් (වැඩසටහන් කළමනාකරුවන් ද ඇතුළුව) සලකන්නේ කුමක්ද, සහ එය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය සහාය කුමක්ද යන්න තේරුම් ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණයි.
“ගුණාත්මක සත්කාර” යනුවෙන් අප අදහස් කරන්නේ ඵලදායී, ආරක්ෂිත, පුද්ගල කේන්ද්‍රීය, නියමිත වේලාවට ලැබෙන, සාධාරණ, ඒකාබද්ධ සහ කාර්යක්ෂම සත්කාරයයි. හොඳින් සිදුවන දේ, ඔබ මුහුණ දෙන අභියෝග, සහ වැඩිහිටියන්ගේ සත්කාර වැඩිදියුණු කිරීමට උපකාරී විය හැකි වෙනස්කම් පිළිබඳව ඔබගේ අත්දැකීම් තුළින් දැනගැනීමට අපි කැමැත්තෙමු. ඔබගේ අදහස්, වැඩිහිටියන් සඳහා ගුණාත්මක සත්කාර පිළිබඳ අනාගත ජාත්‍යන්තර ප්‍රමිති සකස් කිරීමට දායක වනු ඇත.
සහභාගී විය හැක්කේ කාටද?
පහත කරුණු දෙකම ඔබට අදාළ නම්, ඔබට මෙම සමීක්ෂණයට සහභාගී විය හැක:
- ඔබ වැඩිහිටියන්ට (වයස අවුරුදු 60 සහ ඊට වැඩි) සෞඛ්‍ය සහ/හෝ සත්කාර සේවා සපයන, කළමනාකරණය කරන හෝ සංවිධානය කරන සෞඛ්‍ය හෝ සත්කාර සේවකයෙකු, හෝ සෞඛ්‍ය වැඩසටහන් කළමනාකරුවෙකු නම්; සහ
- සමීක්ෂණයේ තොරතුරු තේරුම් ගෙන, ලබා දී ඇති භාෂාවලින් එකකින් ප්‍රශ්නාවලිය සම්පූර්ණ කිරීමට ඔබට හැකි නම්.
මෙම සමීක්ෂණය සම්පූර්ණ කිරීමට මිනිත්තු 30–35ක් පමණ ගතවේ.
බොහෝ ප්‍රශ්නවලින් විමසන්නේ වැඩිහිටියන්ට ගුණාත්මක සත්කාර සැපයීම සඳහා තිබිය යුත්තේ කුමක්ද යන්නයි; ප්‍රශ්න කිහිපයක් පමණක් ඔබගේ වර්තමාන අත්දැකීම හෝ ඔබ සේවය කරන ස්ථානය ගැන විමසයි. තරු ලකුණක් (*) සහිත ප්‍රශ්න අනිවාර්ය වන අතර, ඉදිරියට යාමට ඒවාට පිළිතුරු දිය යුතුය. අනෙකුත් සියලු ප්‍රශ්නවලට ද හැකි තරම් සම්පූර්ණව සහ නිවැරදිව පිළිතුරු දෙන ලෙස අපි ඉල්ලා සිටිමු. එවැනි ප්‍රශ්නයකට පිළිතුරු නොදී තැබුවහොත්, “ඊළඟ” හෝ “භාර දෙන්න” ක්ලික් කළ විට මතක් කිරීමක් දිස්වේ; නමුත් පිළිතුරු නොදී ඉදිරියට යාමට ඔබට හැකියාව ඇත. විවිධ සේවා ස්ථානවල සෞඛ්‍ය හා සත්කාර සේවකයින්ගේ අවශ්‍යතා, අත්දැකීම් සහ අදහස් තේරුම් ගැනීමට, සමීක්ෂණයේ සියලු කොටස්වලට ඔබ දෙන පිළිතුරු වැදගත් වේ.
ඔබගේ සහභාගීත්වය
සහභාගී වීම ස්වේච්ඡාවෙනි. ඔබගේ පිළිතුරු නිර්නාමික (ඔබව හඳුනා නොගන්නා) සහ රහසිගත වේ. මෙහි නිවැරදි හෝ වැරදි පිළිතුරු නොමැත.
ඔබගේ පිළිතුරු ඉදිරිපත් කිරීමට පෙර ඕනෑම අවස්ථාවක සමීක්ෂණයෙන් ඉවත් විය හැක. ඔබව හඳුනාගත හැකි තොරතුරු අප රැස් නොකරන නිසා, සමීක්ෂණය ඉදිරිපත් කළ පසු ඔබගේ පිළිතුරු නැවත සොයාගැනීමට හෝ ඉවත් කිරීමට නොහැක.
සමීක්ෂණය ඉදිරිපත් කිරීමෙන්, ඉහත තොරතුරු ඔබ කියවා තේරුම් ගත් බවත්, මෙම සමීක්ෂණයට සහභාගී වීමට සහ ඉහත සඳහන් අරමුණු සඳහා ඔබගේ පිළිතුරු රැස් කිරීමට හා සැකසීමට ස්වේච්ඡාවෙන් එකඟ වන බවත් ඔබ තහවුරු කරයි.
ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය නිලධාරී Dr. Yuka Sumi අමතන්න. ඊමේල්: sumiy@who.int
ඔබගේ දායකත්වයට බොහෝම ස්තූතියි.
There are 93 questions in this survey.